Caulerpa racemosa

විද්‍යාත්මක නාමය

Caulerpa racemosa (forsskal) j.agardh 

පොදු නාමය / වෙනත් නම්

Sea grapes – මුහුදු මිදි

වර්ගීකරණය

වංශය – Chlorophyte

වර්ගය – Ulvophyceae

ගොත්‍රය – Bryopsidales

කුලය – Caulerpaceae

ඝණය – Caulerpa

විශේෂය – C. racemosa

පරිසර පද්දතිය

  • තිරස් උපස්තර,
  • උස් අන්තර් උදම් කලාප අශ්‍රිත කුඩා වලවල්,
  • විවෘත රළ තීරයේ සිට නොගැඹුරු  අනු උදම් කළාප,
  • කොරල්පර අතර,
  • ලෝකය පුරා නොගැඹුරු බොහෝ කරදිය සහිත ප්‍රදේශ වල,

හඳුනා ගැනීම

මෙම ශාකය  ධාවකයක මගින්  ඇතිවන ඍජු අතු බෙදීම්  දක්වයි ( 2mm පමණ ඝණ කමකින් යුතු.) ධාවක හොදින් වර්ධනය වූ රයිසෝම මගින්  පසට සම්බන්ධ වී ඇත.(රයිසෝමීය අවුල්පාසුව.) රයිසෝම  සෙන්ටිමීටර  කීපයක  පරතරයකින්  යුතු  වේ. එසේම  ධාවක සෙන්ටිමීටර කීපයක  පරතරයකින් යුතු වේ. ශාකා, කෙටි ප්‍රාක්ෂ වලින් යුතුය (2cm). ප්‍රාක්ෂ අක්‍රමවත්, සමීපව ඇසිරුනු , ගෝලාකාර හැඩැති විශාල ප්‍රමාණයකින් යුතු වෘර්තාකාර ශාඛිකා වලින් යුතුය.  (විශ්කම්භය  2-3 mm) එය මුලුමනින්ම  ප්‍රාක්ෂය ආවරණය කරනු ලබයි. ශාඛිකාවේ වෘන්තය, ගෝලාකාර කොටස වඩා කෙටිවේ.

ගෝලාකාර කොටස – මිදි හැඩැති ( grape like), සමීපව ඇසිරී ඇත.

වර්ණය

දීප්තිමත් කහ පැහැයට හුරු කොළ පැහැය.

වැදගත්කම

  • ආහාරයකි.
  • ජපානය , පිලිපීනය තායිලන්තය  වැනි රටවල සලාදයක් ලෙස භාවිතා කරයි .
  • ප්‍රෝටීන හා විටටමින (A,B1 etc…) වලින් යුතු අතර අඩු මේද ප්‍රමාණයකින් යුතුය.
basic diagram of Caulerpa racemosa
Caulerpa racemosa

2 thoughts on “Caulerpa racemosa

  1. Pingback: Caulerpa racemosa – The Algae World

  2. Pingback: Dugong (මුහුදු ගවයා) – The Algae World

Leave a comment